Thursday, April 23, 2015

169. දුහුල් මලක්?







හදිසියේ තණ අතරින් නැගී
වරපටින් බැඳි මා අතින් ඇද
බදා සොලවනු කිමද 'තුරු ගස?

අන්බිමක මුල් අදිනු දැක දැක
කිසිවිටෙක මුවගින් නොබැන මට
මැකීගොස් හදිසියේ ගිනිවැද
දුබල තැනකින් හසුවුනිද අද?



ගතක සිරවුණ නොතිත් හැඟුමන්
ලෙහී ගිලිහුණි පහත් තැනෙකින්
ඉදින් මම ඉමි වේදනාවෙන්
නැමී සිඹිවිට නිතඹ දාහෙන්

13 comments:

  1. දිනක් එනවා මහ ගසක් වුව
    එක ගිණි හුලකින් දැවී අළුවන..
    ඇතුලතින් නිබඳ කරවූ කල..

    ReplyDelete
    Replies
    1. ගසක් මහ ගසක් වුව
      ඇතිය අතු නොමඳවම
      බිඳෙනසුළු...

      Delete
  2. අගෙයි උපේක්ෂා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ නීරස කවි වලට කොමෙන්ටු දානවට

      Delete
  3. / නැමී සිඹිවිට නිතඹ දාහෙන් /

    අප්පට සිරි ගජ,.... පස්ස ඉඹින්ට දාහක්!...ටිකක් වැඩි වගෙ නැද්ද බාං?

    ReplyDelete
    Replies
    1. රවී: ඇයි කීයක් ගත්තද වැඩේට? කොහොමත් රෙගියුලර් උනහම ඩිස්කවුන්ට් නැතුවෑ , නැද්ද?
      බස්සි: අම්මප ඔය රවිය ඉන්නවා නේද? මොකටද මෙව්වා කියන කට!

      Delete
  4. Replies
    1. ස්තුතියි. ලියාගත්තේ හරිම අමාරුවෙන්... හි.. හි

      Delete
  5. ලක්ෂනයි
    ඔව් ඉදගෙන

    ReplyDelete
  6. තේරුම ක්ලික් උනේ නෑ. රවීගෙ කමෙන්ට් එකෙන් පස්සෙ තේරුන ටිකත් මඤ්ඤං උනා. ආයෙම කියවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කොහේ තේරෙන්නද බස්සි ඔය රවියා හිටියොත් අපිත් අන්දොස් වෙනවා. මෙව්වා නීරස කවි, මම දැන් වෙනම ටැගක් හදනවා ඒ ජාතියෙන්. ඒක හරි ලේසියි.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...