Friday, March 13, 2015

161. සිද්ධියක් සහ දෙදෙනෙකු






නුඹ..
මගෙ අතින් ගිලිහුණ...
ගිලිහී බිම පතිතවුන..
පතිත වී බිඳුන...
බිඳී සුන්බුන් විසිරුණ..
නිරුවත් මොහොතෙ පෑගුන...
ඇනුන මොහොතට වඩා රිදවන..


මම...?

රුවල් හකුලන - ගිලෙන 

21 comments:

  1. මේක නම් තේරුණේ නෑ..

    ReplyDelete
    Replies
    1. නොතේරුණත් බැරිද තේරුනා වගේ ඉන්ට?

      Delete
  2. තත්පරෙන් කොටසක්
    වැයනොවූ තීරණය
    ජීවිතෙන් කොටසක්
    නොවේ මුලු ජීවිතය
    කිති කවන අපූරුව..?

    ReplyDelete
  3. පිංතූරෙත් මරු ඈ....!

    ReplyDelete
    Replies
    1. මම ආස ජාතියේ පින්තුරයක්....

      Delete
  4. මම......??? අනේ මන්දා??
    පට්ට...

    ReplyDelete
  5. Replies
    1. හුළඟක් නැතුව ලතවෙන? හුළඟට බියෙන් හකුලන??

      Delete
  6. මේවා කියවන්න එනවට ඇක්චුවලි බුවල්ලෙන් ගහන්න ඕනේ,, පිටු දෙක තුනක් ලියන වරකා හෑලි නම් කියවත්හැකි මේ පේලි දෙක තුන කියවන්න ගියාම පණ යනවනේ :((((

    ReplyDelete
    Replies
    1. කැඩුණු බුවල්ලක කෑලි එව්වොත් අලුත් එකක් එවන්නම්? කතා ලියන්න නේද? හ්ම්ම් හ්ම්ම්ම් නොතේරී තේරුනා මගේ කවියේ ප්‍රතිභාව!

      Delete
  7. ඇනුන මොහොතට වඩා රිදවන..
    කියවන මොහොත
    දහ පාරක් විතර කියවන්න වෙන
    තේරුම් ගන්න වෙහෙසෙන
    කවි නොලිය බැරිද කතාවක්
    ලියන්නට නුවර කුමරියේ..

    - කවි කියවා වෙහෙසට පත් මල්කොබා -

    ReplyDelete
    Replies
    1. ඔයාට නම් මෙව්වා කියවන්න ගිහින් සෑහෙන තුවාල සිද්ද වෙලා වගේ... හරි හරි... බැරි වැඩ නොකරන් කොබෝ කියලා කියල තියෙනවනේ

      Delete
  8. කෝ බං සුරංගනා කතාව ?

    ReplyDelete
  9. තනි වංචාවක්නෙ කරලා තියෙන්නේ ... මහා මාඤ්ඤමික කවියක් වෙනුවට ටිකක් මාඤ්ඤමික කතාවක් බලන්න ආපු අපිව අනාථ කරලා ...
    මොනවා වුනත් ඔය පින්තුරේට මම කැමතියි ...

    ReplyDelete
    Replies
    1. වංචාවක් උනත් කලාවට කරන්න ඕනේ.. නැද්ද පැතුම්? ආයේ මොනවා කියන්නද.. අන්න එහෙම තමයි. ඔබ නිවැරදියි.

      Delete
  10. තේරුනේ නැහැ වස්තුවේ.

    ReplyDelete
  11. පෝස්ටු සේරම ආසාවෙන් කියෙව්වත්, මාස කිහිපයක් තිස්සෙ ඇවිත් ගියත් කොමෙන්ටුවක් නොදැම්මෙ මගේ බ්ලොග් එකක් අටවගන්නකම්. මමත් බ්ලොග් ලෝකෙ පැලපදියම් උනා. ඉඩ පාඩු ඇති වෙලාවක ඇවිත් යන්න එන්න...
    http://camarawenehalokaya.blogspot.com

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...